ප්‍රදේශ කිහිපයක උණුසුම තවදුරටත් අවධානය යොමු කළ යුතු මට්ටමක

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මොණරාගල, මන්නාරම, අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මේ සම්බන්ධයෙන් අවදානය යොමුකළ යුතු බවයි.

එමෙන්ම, කුඩා දරුවන් වාහන තුළ තනිවම රදවා නොයන ලෙස ද සුදු හෝ ලා පැහැති ඇදුම් භාවිත කරන ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.