රුසියාවෙන් කඩිනමින් ඉන්ධන ලබා ගැනීමට අමාත්‍ය විජිත රුසියානු තානාපති සමග සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අතර හදිසි හමුවක් අද (13) දහවල් අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුම් ජාල බිඳවැටීමට විසඳුමක් ලෙස, රුසියානු තෙල් මිල දී ගැනීමට පනවා තිබූ සම්බාධක අමෙරිකාව විසින් ඉවත් කිරීමත් සමඟ මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීම වහාම රුසියානු රජයට දැනුම් දීමට තානාපතිවරයා එකඟතාව පළ කළ බවද, අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් මීට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙන බවට තානාපතිවරයා පොරොන්දු වී ඇති බවද වැඩිදුරටත් සඳහන්.