මහනුවර – මහියංගනය ප්රධාන මාර්ගයේ තෙල්දෙණිය, 21 කණුව අසලදී ඊයේ (12) සිදු වූ රිය අනතුරකින් 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
අනතුර සිදුව ඇත්තේ මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක්, මාර්ගය හරහා ගමන් ගත් පදිකයෙකුගේ ගැටීමෙන්.
පදිකයාගේ ගැටීමත් සමඟ පාලනය කරගත නොහැකි වූ යතුරුපැදිය මාර්ගය මත පෙරළී ගොස් ඇති අතර, එම අවස්ථාවේදී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රීරෝද රථයක ද යතුරුපැදිය ගැටී ඇති බව පොලිසිය පවසනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ එහි පසුපස ගමන් ගත් පුද්ගලයා වහාම තෙල්දෙණිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත්, රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී යතුරුපැදිකරු මියගොස් තිබනෙවා.
මෙසේ මියගොස් ඇත්තේ මැදමහනුවර ප්රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා.







