පිල්ලයාන් අත්අඩංගුවට ගන්න කොට මම සුරේෂ් සලේට කිව්වා ඊළඟට ඔයා, ඊට පස්සේ ‍ගෝඨාභය කියලා – ගම්මන්පිල

පිල්ලයාන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට, ඊළඟට අත්අඩංගුවට ගැනීමට සිටින්නේ ඔහුව බවට තමා පැවසූ බවත්, ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට සිටින්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බවට තමා ප්‍රකාශ කළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ගොතාගත් කතාවකට අනුව ලංකාවේ සිටින පොලිස් නිලධාරීන් විසින්ම තිර රචනය කරන ලද නාට්‍යයක් චැනල් 4 නාලිකාවේ විකාශය කළ බවත්, එම නාට්‍යයට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවන බවත්, චිත්‍රපටය නැරඹූ අය ලෙස ඊළඟට සිදුවන දේ ප්‍රකාශ කළ හැකි බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.

මෙහි නිෂ්පාදනය බෙදුම්වාදීන් වන බවත්, විකාශනය චැනල් 4 නාලිකාව බවත් ඔහු පවසනවා. 

එමෙන්ම මෙහි තිර රචනය මෙන්ම රඟපෑම ද මාලිමාව විසින් සිදු කරන අතර, මෙය මාලිමාවේ දායකත්වයෙන්ම රටටම හෙළි කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.