අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 16 වැනිදා ප්‍රකාශයට පත් කරනවා – සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

මෙරට සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ලබන 16 වැනිදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

නැකැත් සම්පාදනය කිරීමට පාර්ශ්ව දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් මේ වන තෙක් එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

තවදුරටත් එම දෙපාර්ශ්වය සමඟ සාකච්ඡා පවත්වමින් සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ඒකාබද්ධව සකස් කර ලබන 16 වැනිදා ප්‍රකාශයට පත් කිරීම සිදුවන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියා.