මෑතකදී ඇති වූ තෙල් මිලෙහි වෙනස කෙටි කාලීන වුවහොත්, 2025 වසරේ පැවති සියයට 2.7ක ගෝලීය ආර්ථික වර්ධනය 2026 වසරේදී සියයට 2.6 දක්වා සුළු වශයෙන් මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කරන බව Fitch Ratings ආයතනය සඳහන් කරනවා.
කෙසේ වෙතත්, බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 දක්වා ඉහළ ගියහොත්, එමගින් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 0.4කින් පහත වැටිය හැකි අතර, අමෙරිකාව සහ යුරෝපය තුළ උද්ධමනය ඉහළ යාමට ද එය හේතු විය හැකි බවයි එම ආයතනය පවසන්නේ.
මීට අමතරව, අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් IEEPA යටතේ පනවා තිබූ තීරුබදු අවලංගු කිරීමත් සමග, එරට වෙළෙඳ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් නැවතත් අවිනිශ්චිතතාවක් මතුව තිබෙන බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.






