ජල ගාස්තු වැඩි කරන්නේ නැහැ

මේ මොහොතේ ජල ගාස්තු වැඩි කිරී­මක් සිදු නොවන බව ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලයේ සභා­පති ඉංජි­නේරු චන්දන බණ්ඩාර මහතා ‘දින­මිණ‘ට පැව­සීය.

අව­සන් වරට ජල ගාස්තු සංශෝ­ධ­න­යක් සිදුව ඇත්තේ 2024 වසරේ අගෝස්තු මාස­යේ­දීය. ජල ගාස්තු සම්බ­න්ධ­යෙන් මිල සූත්‍ර­යක් සකස් කර එයට අමාත්‍ය මණ්ඩල අනු­මැ­තිය ලබා­ගෙන ඇතත් මේ වන තෙක් මිල සූත්‍රය ක්‍රියා­ත්මක කිරී­මක් ද සිදුව නැත.

ජල පිරි­ප­හදු කට­යුතු සඳහා විදු­ලිය යොදා­ගන්නා හෙයින් විදුලි ගාස්තු ඉහළ යෑමක් සිදු­වුව හොත් පම­ණක් ජල බිල්පත කෙරෙහි බල­පෑ­මක් සිදු විය හැකි වුවත් මෙතෙක් එවැනි තත්ත්ව­යක් සම්බ­න්ධ­යෙන් කිසිදු සාක­ච්ඡා­වක් සිදුව නැතැයි ද ඒ මහතා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

රන්මලී සෝම­සිරි