RMV නිලධාරීන් පිරිසක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු වත්මන් නිලධාරීන් කිහිප දෙනෙකු සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුවෙමින් පවතින දීර්ඝකාලීන විමර්ශනයකට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, අද දින ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.