කඩුවෙල, මාලඹේ විදුලි අධිකාරී බල ප්‍රදේශයේ ගෝනවත්ත මාර්ගයේ පිහිටි විදුලි ට්‍රාන්ස්ෆෝමරයේ ෆියුස් ගලවා ඇතැයි ප්‍රදේශවාසීන් විසින් පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇත.
මේ සම්බන්ධයෙන් අදාළ විදුලි අංශ දැනුවත් කළ ද වර්ජනය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීමට පැමිණිය නොහැකි බව විදුලි සේවකයින් සදහන් කර ඇතැයි ද වාර්තා වේ.







