ඉරානය සමඟ පවතින යුද්ධය පිළිබඳව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මේරිලන්ඩ් හිදී මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වා තිබෙනවා.
ඒ අනුව, ඉරානය සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් පවතින බවයි මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
ඉරානය සිය අවසානය ආසන්නයටම පැමිණ ඇති බවත්, ඔවුන්ට දැන් නාවික හමුදාවක්, ගුවන් හමුදාවක්, ගුවන් යානා නාශක පද්ධති කිසිවක් නොමැති බව ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන බවද, තමන්ට කෙසේ හෝ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය බවද, මෙම යුද්ධය දිගටම පවත්වාගෙන යාමට අදහස් නොකරන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
ඉරානයේ ටෙහෙරාන් නුවර සහ අනෙකුත් ස්ථානවලට ප්‍රහාර එල්ල කළ හැකි බවත්, ඔවුන්ගේ විදුලිබල පද්ධතියට පහර දීමට හැකි අතර නමුත් එසේ කළහොත් ඔවුන්ට එය සකස් කිරීමට වසර 25 ක් පමණ ගත වනු ඇති බවත්, එය එසේ නොකර සිටීමට කටයුතු කරන බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.







