ලෝක වෙළෙඳපොළේ තෙල් මිල යළි ඉහළට

ඉරාන යුද්ධය හේතුවෙන් බලශක්ති සැපයුමට එල්ල වන බලපෑම අවම කිරීම සඳහා, තෙල් බැරල් මිලියන 400 ක් වෙළෙඳපොළට මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) එකඟතාව පළ කර තිබියදීත්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව Brent වර්ගයේ බොරතෙල් මිල 6.5% කින් පමණ ඉහළ ගොස්, බැරලයක් ඩොලර් 97.93 දක්වා ඉහළ ගොස් ඇති අතර, West Texas Intermediate (WTI) බොරතෙල් බැරලයක මිල 6.12% කින් ඉහළ ගොස් ඩොලර් 93.97 ක් ලෙස සටහන් වී තිබුණා.

බලශක්ති ප්‍රවාහනය සඳහා තීරණාත්මක මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා කිසිදු ලෙසකට තෙල් ප්‍රවාහනයට ඉඩ නොදෙන බවට ඉරානය මේ වන විට අනතුරු අඟවා තිබෙනවා.