නීති විරෝධී ලෙස රැස් කර තබාගන්නා ලද ඩීසල් ලීටර් 19,060 ක් අඩංගු බවුසර් රථ දෙකක් සමඟ සැකකරුවන් හතරදෙනෙකු පහළ බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත ඊයේ (11) පස්වරුවේ මෙම වැටලීම සිදු කර ඇති අතර, මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 – 42 අතර වයස්වල පසුවන හෙයියන්තුඩුව, තිහගොඩ සහ නෙළුම්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් විසින් බලපත්‍ර නොමැතිව, මාර්ගයේ ගමන් ගන්නා ලොරි රථ, ටිපර් රථ හා ප්‍රයිමුවර් වාහනවලට මුදල් ලබා දී එම රථවල ටැංකිවලින් ඩීසල් ලබාගෙන තිබෙන අතර, අනතුරුව ඔවුන් විසින් සකස් කර ඇති ටැංකිවලට ඒවා ගබඩා කරගෙන අලෙවි කර ඇති බවටයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
පොලිස් නිවේදනය පහතින්.








