අස්වැසුම මාර්තු මස දීමනාව අද බැංකු ගිණුම්වලට

අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන්ට මාර්තු මාසයට අදාළ දීමනාව අද (12) දිනයේදී අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව, පවුල් 1,408,635 ක් වෙත අදාළ මුදල් බෙදා දීමට නියමිත අතර, එහිදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත රුපියල් 11,179,801,250.00 ක මුදලක් බැර කිරීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඊට අමතරව අස්වැසුම දෙවන අදියරේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත ද රුපියල් 2,350,530,000.00 ක මුදලක් අද දිනයේ බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.