විදුලි වෘත්තීය සමිති ඉල්ලීම් 64 න් 62 කට විදුලි සමාගම් 4 ක අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාව

ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රධාන සමාගම් 04 හි අධ්‍යක්ෂ මණ්ඩල සමඟ වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව, අදාළ ඉල්ලීම් 64 න් ඉල්ලීම් 62 ක් ලබා දීමට එම අධ්‍යක්ෂ මණ්ඩල එකඟ වී තිබෙනවා.

ඒ අනුව, එම සමාගම් 4 හි සභාපතිවරුන්ගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයකින් මේ බව දැනුම් දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ජනතාව අපහසුතාවට පත්වන වැඩ වර්ජනය අවසන් කොට සේවයට වාර්තා කරන ලෙසත්, එලෙස සේවයට වාර්තා කරන්නේ නම් ඉතිරි ඉල්ලීම් 02 සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දීමටත් එහිදී එකඟ වී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

 news images