අස්වැසුම පළමු අදියරේ ප්රතිලාභීන් වෙත මාර්තු මාසයට අදාළ දීමනාව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් හෙට (12) දිනයේ අදාළ ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව පවුල් 1,408,635ක් වෙත අදාළ මුදල් බෙදා දීමට නියමිතව ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.
එහිදී අස්වැසුම ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත රුපියල් 11,179,801,250.00 අධික මුදලක් බැර කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඊට අමතරව අස්වැසුම දෙවන අදියර ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත ද රුපියල් 2,350,530,000.00 අධික මුදලක් හෙට දිනයේ බැර කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.







