QR ආවොත් තෙල් සංචිත කළමනාකරණය කළ හැකියි: තෙල් සංස්ථාව

ඉන්ධන මිල වැඩිකිරීම වෙනුවට QR ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීම හරහා සංචිත කළමනාකරණය කරගැනීමට තෙල් සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වයට හැකියාව තිබූ බව එම සංස්ථාවේ හිටපු වැඩබලන සභාපතිවරයෙකු මෙන්ම මහජන උපයෝගීතා කොමිසමේ හිටපු ඛනිජ තෙල් උපදේශකවරයෙකු වන සිරිල් සුදුවැල්ල පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මිල වැඩි කිරීමෙන් මෙරට ඉන්ධන බෙදාහරින බහු ජාතික සමාගම්වලට ද අමතර ලාභයක් උපයා ගැනීමට හැකිවී ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.