ආර්ථික නිරීක්ෂණ කමිටුවක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
මේ වන විට මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට අයහපත් බලපෑම් ඇති විය හැකි අස්ථාවර ගෝලීය පරිසරයක් නිර්මාණය වී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
බලශක්ති ආනයනය, මැදපෙරදිග කලාපයේ සේවය කරන විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ප්‍රේෂණ සහ එම කලාපය සමඟ ඇති වාණිජ හා ආයෝජන සම්බන්ධතා මත ශ්‍රී ලංකාවේ ආර්ථීකය රඳා පැවතීම හේතුවෙන් බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය වීමට සිදුව ඇති බවද එහි සඳහන්.
එම තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු විය හැකි බලපෑම නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම, විවිධ වෙළෙඳපොළවල ඇති වන අහිතකර තත්ත්වයන් සහ පවතින තත්ත්වය පිළිබඳව සම්බන්ධීකරණය කරමින් ඒ අනුව ගත යුතු අත්‍යවශ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කිරීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.








