මීගමුවට හා කටානට අනිද්දා පැය 16 ක ජල කප්පාදුවක්

මීගමුව හා කටාන යන ප්‍රදේශ සඳහා අනිද්දා (12) පෙ.ව. 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මීගමුව මහ නගර සභා සීමාවට අයත් සියලුම ප්‍රදේශවල, කටාන ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශය හා ඇතියාවල, ජන්කුරවෙල, කළුවරිප්පුව, මිරිස්වත්ත, කෝන්ගොඩමුල්ල, හල්පේ, ඇණ්ඩිමුල්ල, අම්බලයාය, තෝප්පුව, වයික්කාල යන ග්‍රාම නිලධාරී වසම්වලට මෙලෙස ජල කප්පාදුව සිදු කරන බවයි සඳහන් වන්නේ.

‘බම්බුකුලිය’ ජල පිරිපහදු මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.