ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (MTF) විසින් විශ්ව විද්‍යාල සිසුන් සඳහා පිරිනමනු ලබන මාසික මහපොළ ශිෂ්‍යත්ව දීමනාව, ජනවාරි මාසයේ සිට 2026 අයවැය යෝජනා අනුව වැඩි කරන ලද මුදල වෙත බලාත්මක කර තිබෙනවා.
ඒ අනුව, 2026 ජනවාරි මාසයට අදාළ රුපියල් 10,000 ක ශිෂ්‍යත්ව දීමනාව අද (10) දින සිට අදාළ සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
මීට පෙර පැවති රුපියල් 7,500 ක මහපොළ ශිෂ්‍යත්ව දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබුණා.







