සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය ඔවුන්ගේ දඬුවම්වලට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය අද (10) යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මෙම අභියාචනා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඊයේ (09) විභාගයට ගෙන තිබුණා.
එහිදී විත්තිකාර නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රිගේ දේශන ඉදිරිපත් කිරීම සිදු කළ බවයි සඳහන් වන්නේ.
අද දිනයේ අලි ශබ්රි විසින් වැඩිදුර දේශන ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.







