මත්ද්‍රව්‍ය තොගයක් හා අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබුණු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය තොගයක් බවට සැක කෙරෙන උර සමඟ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, එම යාත්‍රාව ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.