ගාල්ල වරායට නාවික සැතපුම් 40ක දුරින් ප්‍රහාරයට ලක් වූ ඉරානයට අයත් නෞකාවේ සිටියදී බේරා ගෙන කරාපිටිය රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ ඉරාන නාවිකයන් විසිදෙදෙනකු පෙරේදා (07) රාත්‍රියේ රෝහලෙන් මුදා හැර තිබේ. රෝහලෙන් ප්‍රතිකාර ලබා සුවය ලැබූ මේ නාවිකයන් ගාල්ල දක්ෂිණ නාවික කඳවුරේ නිලධාරින්ගේ සහ පොලිස් නිලධාරින්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන යනු ලැබිණි.
මෙයට පෙර ඉකුත් 06දා පළමුවෙන්ම නාවිකයන් පස් දෙනකු ප්‍රතිකාර ලබා අවසන්ව වැලිසර නාවික හමුදා කඳවුර වෙත ගෙන ගොස් තිබිණි.
මේ අතර අනෙක් නාවිකයන් දස දෙනා තවදුරටත් ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් ද කිහිප දෙනකු තව දින කිහිපයක් ඇතුළත මුදා හැරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.
දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ







