පොල්පිතිගම – කිරිබමුණේගමයාය ප්රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් දරුවෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 10ක් වන සෙම්බුකුලිය, කැකිරාව ප්රදේශයේ පදිංචි දරුවෙකි.
මියගිය දරුවා සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ නිවස පිටුපස තිබූ අනාරක්ෂිතව පිහිටි වගා ළිඳට වැටී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොල්පිතිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.







