ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිල ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්ව ගියාය.
අගමැතිනිය මෙහිදී ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් සඳහා සහභාගී වීමටත්, ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ ජාත්‍යන්තර කාන්තා දින උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කිරීමටත් නියමිතය.
ඒ අතරතුර පිලිපීන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සූදානම් බව සඳහන් වෙයි







