ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව, West Texas Intermediate (WTI) බොරතෙල් බැරලයක මිල 16.86% කින් ඉහළ ගොස්, බැරලයක මිල ඩොලර් 107.8 ක් ලෙසත්, Brent බොරතෙල් බැරලයක මිල 15.24% කින් ඉහළ ගොස් බැරලයක මිල ඩොලර් 107.9 ක් ලෙසත් වාර්තා වී තිබුණා.
අවසන් වරට තෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියේ 2022 රුසියානු-යුක්රේන ආක්රමණයෙන් පසුවයි.
අද උදෑසන 5.45 ට බොරතෙල් මිල පැවති තත්ත්වය පහතින්.








