බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ හේතුවෙන්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවටත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතු බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.







