ඉරානය සම්බන්ධ කරගනිමින් මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයට සතියකට අමෙරිකානු ඩොලර් මිලියන 10 ත් 15 ත් අතර පාඩුවක් සිදුවෙමින් පවතින බව තේ අපනයනකරුවන්ගේ සංගමය පවසනවා.
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වටපිටාව හමුවේ නාවික ප්‍රවාහන කටයුතු අඩාල වීම සහ ඉහළ ගොස් ඇති යුද අවදානම හේතුවෙන් මැදපෙරදිග රටවල් කිහිපයකට තේ සැපයීමට ඇති හැකියාව බරපතළ ලෙස සීමා වී ඇති බවයි සඳහන් වෙන්නේ.
මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායමට එය දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාවේ සමස්ත තේ අපනයනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් (48%ක් පමණ) මිලදී ගනු ලබන්නේ මැදපෙරදිග රටවල් විසින්.
වාර්ෂිකව තේ අපනයනයෙන් උපයන ඩොලර් බිලියන 1.5 ක ආදායමෙන් ඩොලර් මිලියන 530 ක්ම ලැබෙන්නේ මෙම කලාපයෙනි.
දත්ත වාර්තාවලට අනුව ශ්‍රී ලංකා තේවලින් 31% ක් ඩුබායි රාජ්‍යයට ද, 18% ක් සෞදි අරාබියට ද සහ 12% ක් ඉරානයට ද අපනයනය කෙරෙනවා.







