ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය වෙනුවෙන් ඉන්දීය රජය නිල වශයෙන් ශෝකය පළ කර තිබෙනවා.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ විදේශ ලේකම් වික්‍රම් මිස්රි නවදිල්ලියේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ තැන්පත් කර තිබූ ශෝක ප්‍රකාශ පොතේ සමරු සටහනක් තබමින් ඉරානයට ඉන්දියාවේ ශෝකය පළ කළ බවයි.
පසුගිය සතියේ අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ හමුදා ප්‍රහාරවලින් කමේනි ඝාතනයට ලක්වීමෙන් පසු, රාජ්‍ය තාන්ත්‍රිකයින්ට, නිලධාරීන්ට සහ මහජනතාවට සිය ගෞරවය පුද කිරීම සඳහා ඉරාන දූත මණ්ඩලය විසින් මෙම ශෝක ප්‍රකාශ පොත විවෘත කර තිබෙනවා.
මේ අතරතුර, විදේශ ලේකම් මිස්රි ඉන්දියාවේ ඉරාන තානාපති මොහොමඩ් ෆතාලි වෙත ඉන්දියාවේ ශෝක පණිවිඩය පිරිනැමූ බව සඳහන්.
එමෙන්ම රටේ උත්තරීතර නායකයාගේ අභාවයත් සමඟ ඉරාන තානාපති කාර්යාලය ද සිය ධජය අඩකුඹු කර තැබුවා.
මෙම තත්ත්වය උදාවූයේ පසුගිය සෙනසුරාදා ඉරාන භූමියට එල්ල වූ අමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ හමුදා ප්‍රහාරයකින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මියයාමත් සමගයි.







