වත්මන් රජය විසින් සිදු කරනු ලැබූ බව කියන ගල්අඟුරු සිද්ධිය පිළිබඳව කරුණු රටට හෙළි කිරීම සඳහා ‘මහජන හඬ’ මෙහෙයුම් කමිටුව සංවිධානය කළ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් හෙට (09) පැවැත්වීමට නියමිත බව එම කමිටුව සඳහන් කරනවා.
රජය විසින් ප්‍රමිතියෙන් බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීම හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන ගණනක් බව ‘මහජන හඬ’ මෙහෙයුම් කමිටුව පෙන්වා දෙනවා. මෙම මූල්‍ය අක්රමිකතාවලට අදාල සියලු තොරතුරු මෙම සම්මන්ත්‍රණයේදී ප්‍රසිද්ධ කිරීමට නියමිත බවයි එම කමිටුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම සම්මන්ත්‍රණය හෙට (09) පස්වරු 3.00 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
මෙහි විශේෂත්වය වන්නේ, මෙම ගල්අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම අයකුට පැනනගින ගැටලු ඉදිරිපත් කිරීමට සහ ඒවාට පිළිතුරු ලබා ගැනීමට විශේෂ ප්‍රශ්නෝත්තර සැසියක් ද සම්මන්ත්‍රණය අවසානයේ සංවිධානය කර තිබීමයි.







