හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගත් ජනපති අනුර ප්‍රවේශමෙන් සිටිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සිය x ගිණුමේ සඳහන් කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා එහි සඳහන් කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් වරද සැබවින්ම වරදක් නම් ලංකාවේ සිටි සෑම රාජ්‍ය නායකයෙකුම අත්අඩංගුවට ගත යුතු බවයි.
එම x ගිණුමේ වැඩිදුරටත් මෙසේද සඳහන් වනවා.
තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කරමින් ඕෂල හේරත් විසින් වුල්වර්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් විමසූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 දී එම විශ්ව විද්‍යාලයට පැමිණියේ නිල ආරාධනයක් අනුව බව දැනුම් දී ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් දිනයේ සිටම මා පැවසුවේ මෙය නිරර්ථක විවාදයක් බවයි.
ජනපතිවරයෙකුගේ ගමන් නිල වුවත් නැතත් ආරක්ෂාව සහ අනෙකුත් යටිතල පහසුකම් රජය විසින් සැපයිය යුතුයි.
එය ලෝක සම්මතයයි. නැතිනම් සතුරන් විසින් රාජ්‍ය නායකයා ගොදුරු කරගන්නේ ආරක්ෂකයින් නොමැතිව ආරක්ෂිත වාහන නොමැතිව පෞද්ගලික ගමනක යෙදෙන විටයි.
රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් වරද සැබැවින්ම වරදක් නම් ලංකාවේ සිටි සෑම රාජ්‍ය නායකයෙකුම අත්අඩංගුවට ගත යුතුයි.
මක්නිසාදයත් ඔවුන් සියලුම දෙනා ඒ වරද කර තිබෙන බැවිනි.
මෙම අත්අඩංගුවට ගැනීමේ මහ මොළකරු ජනපති අනුරට ද නුදුරු අනාගතයේ දී මේ අත්අඩංගුවට ගැනීම පාරා වළල්ලක් වනු ඇත. යනුවෙන් උදය ගම්මන්පිල සිය x ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.







