ඉරාන නෞකාවේ පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මැදිහත් වූ ආකාරය එක්සත් ජාතීන්ගේ පැසසුමට

ඉරාන නෞකාව සහ එහි සිටි පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මැදිහත් වූ ආකාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රෙන්ෂේ මහතා සිය “X” ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරන්නේ,

එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර සම්මුතීන් මත පදනම්ව බහුපාර්ශ්විකවාදය කෙරෙහි ඇති කැපවීම ගරු කරමින්, අපක්ෂපාතීත්වය සහ සාමය උදෙසා ශ්‍රී ලංකා රජය දක්වන මානුෂීය මැදිහත්වීම ඔවුන් ඉතා අගය කරන බවයි.

එමෙන්ම, නෞකාවත් එහි සිටි පිරිසත් මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කළ ආකාරයෙන්, ජාත්‍යන්තර වශයෙන් ලබා දී ඇති පොරොන්දු සුරැකීමට ශ්‍රී ලංකාවේ කැපවී මැනවින් පිළිඹිබු වන බව ද මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රෙන්ෂේ මහතා නිකුත්කළ “X” පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.