මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය සහ ආරක්ෂක තර්ජන හේතුවෙන් ඩුබායි හි පිහිටි සිය ගෝලීය හදිසි සහන සේවා මධ්‍යස්ථානයේ (Global Emergency Logistics Hub) මෙහෙයුම් අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පියවර ගෙන තිබෙනවා.
විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසුස් සඳහන් කළේ, පවතින අනාරක්ෂිත තත්ත්වය හමුවේ මෙම තීරණය ගත් බවයි.
එමෙන්ම, මුහුදු මාර්ගයෙන් සිදුකරන සැපයුම් ජාලයට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව පවතින බලපෑම් ද මීට සෘජුවම බලපා ඇති බවත් ඔහු සඳහන් කළා.







