පවතින ගැටලුකාරී තත්ත්වය අවසන් වන තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට ධීවර කටයුතු සඳහා යෑමෙන් වළකින්නැයි ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන බව ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් පළ කළ රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා, Òඅපේ ධීවරයන්ගෙන් ඉල්ලන්නේ පවතින ගැටලුකාරි තත්ත්වය අවසන් වනතුරු අපේ මුහුදු සීමාව ඉක්මවා යන්න එපා කියලයි. ජාත්‍යන්තර මුහුදු සීමාවට යන්න එපා කියා ඉල්ලනවා. දින 6කට පෙර කන්කසන්තුරේ මුහුදු සීමාවෙන් ධීවර කටයුතු සඳහා ගොස් තිබෙනවා. ඔවුන් ඉන්දියානු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. අපේ ආරක්ෂක හමුදාව ඔවුන් සොයාගැනීමේ කටයුතුවල නිරත වුණා. අද හවස වන විට ඉන්දියානු ආරක්ෂක අංශ වෙතින් දැනගන්න පුළුවන් වෙයි. ඔවුන්ව බේරාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. ලෝකයේ රටවල් මේ පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා. ධීවරයන් අවධානයෙන් කටයුතු කළ යුතු වෙනවා. මිලියන 1.7ක ප්‍රමාණයක් ධීවරයන් ශ්‍රී ලංකාවේ සිටිනවා.”







