විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා එයින් විධිවිධාන සලසා ඇති බවයි සඳහන් වන්නේ.
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත, (නිශ්චිත අංශ හැර) ලංකා විදුලිබල මණ්ඩලය ඵලදායී ලෙස ප්‍රතිව්‍යුහගත කරමින් 2026 මාර්තු 09 වැනි දින සිට බලාත්මක වන බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.








