Clean Sri Lanka වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළෙහි නවීකරණ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා.
ඒ අනුව, එහි ඉදිකිරීම් කටයුතු අප්‍රේල් මස මුල් සති දෙක තුළදී අවසන් කළ හැකි වනු ඇති බවයි ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
පර්යන්ත දෙකකින් යුත් මෙම බස් නැවතුම්පොළ නවීකරණ කටයුතු රුපියල් මිලියන 424ක වියදමින් සිදු කෙරෙන අතර, බිම් මහල බස් නැවතුම් අංගනය ලෙසත්, දෙවන මහල රියදුරු සහ කොන්දොස්තර විවේකාගාර සඳහාත්, තෙවන මහල පරිපාලන හා මෙහෙයුම් සේවා සඳහාත් යොදා ගත හැකි පරිදි පහසුකම් වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙනවා.
නවීකරණ කටයුතු යටතේ බස්, දුම්රිය, ගුවන් ඇතුළු සියලුම ප්‍රවාහන මාධ්‍යයන් පිළිබඳව මහජන දැනුවත් කිරීම් සඳහා නව තොරතුරු මධ්‍යස්ථානයක් ද මෙම පරිශ්‍රය තුළ ස්ථාපිත කිරීමට නියමිත බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.








