ඉරාන නෞකාව මුදවා ගැනීමේ මෙහෙයුම ගැන ජනපති සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය

IRIS Bushehr ඉරාන නෞකාවේ සිටි පිරිස මුදවා ගැනීම සඳහා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

කොළඹ ආසන්නයේ තිබෙන IRIS Bushehr ඉරාන නෞකාව ත්‍රිකුණාමලය වරායට ගෙන යාමටත්, එහි සිටි පිරිස කොළඹ වරායට ගෙන ඒමටත් කටයුතු කරන බවයි එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව, මේ වන විටත් එම නෞකාවේ සිටි පිරිස කොළඹ වරායට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.