පාර්ලිමේන්තුව අද (06) දිනයේ ද පෙරවරු 9.30 ට රැස්වී තිබෙනවා.
ඒ අනුව, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.
පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
අද දිනයේ පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා 2026.02.28 දිනැති අංක 2477/46 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කර ඇති මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිතුමා විසින් සිදුකර ඇති ප්රකාශනය ඇතුළු යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතයි.







