මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගෙන, රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා ඉන්දියානු තෙල් පිරිපහදු සමාගම් වෙත දින 30 ක තාවකාලික අවසරයක් ලබා දීමට ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මෙම සහනය ලබා දෙන්නේ දැනටමත් මුහුදේ නැව්ගත කර ඇති (stranded at sea) තෙල් තොග සඳහා පමණක් බවත්, එබැවින් මෙයින් රුසියානු රජයට සැලකිය යුතු මූල්‍ය වාසියක් අත් නොවන බවයි ඇමෙරිකාව අවධාරණය කරන්නේ.
අදාළ ගනුදෙනු එළැඹෙන අප්‍රේල් 03 වැනිදා දක්වා සිදු කිරීමට අවසර දී ඇති බව වැඩිදුරටත් සඳහන්.







