ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරා ගැනීමේ ක්‍රියාවලියට තමන් සම්බන්ධ විය යුතු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඒ අනුව, ඉරාන පාලන පද්ධතිය තුළ ඇමෙරිකාවට හිතවාදී නව නායකත්වයක් බිහි කිරීම තම අරමුණ බව ඔහු යළි අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ඝාතනයට ලක් වූ උත්තරීතර නායක අලි කමේනිට පසුව ඔහුගේ පුත් Mojtaba එම ධුරයට පත් කිරීමට ට්‍රම්ප් සිය විරෝධය පළ කරමින් සඳහන් කළේ, ඔවුන් කාලය නාස්ති කරමින් සිටින බවත්, කමේනිගේ පුත්‍රයා ‘සැහැල්ලු’ චරිතයක් බවත්, මෙම පත්වීමට තමන් මැදිහත් විය යුතු බවයි.
නිකොලස් මදුරෝ ඇමෙරිකානු හමුදා භාරයට ගැනීමෙන් පසු වෙනිසියුලාවේ නායකත්වයට පත් වූ Delcy Rodriguez වැනි නායකයෙකු ඉරානයට ද අවශ්‍ය බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.







