ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය පිළිබඳව ඉරාන ඉස්ලාමීය ජනරජයට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෝකය පළ කරයි.
“අයතුල්ලා අලි කමේනිගේ කාලය තුළ ශ්‍රී ලංකා – ඉරාන ද්විපාර්ශ්වික සබඳතා සැලකිය යුතු ලෙස පුළුල් විය. ශ්‍රී ලංකාව තවමත් ඉරානයේ මිත්‍රත්වය අගය කරන බවත් අපගේ සිතුවිලි ඉරාන ජනතාව සමඟ බවත්” ශ්‍රී ලංකාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ ශෝක පණිවිඩයක් තබමින් ඇමැති විජිත හේරත් මහතා සදහන් කර තිබුණි







