නේපාලයේ පසුගිය වසරේ සිදු වූ තරුණ අරගලයෙන් පසු පැවැත්වෙන පළමු මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මහ මැතිවරණය සඳහා හිටපු අග්‍රාමාත්‍ය පුෂ්ප කමල් දහාල්, නේපාල කොන්ග්රස් පක්ෂයේ නායක ගගන් කුමාර්, එරට හිටපු දේශපාලනඥයෙකු මෙන්ම රැප් ගායකයෙකු වන බාලෙන්ද්‍ර ෂා ද ඉදිරිපත්ව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ආසන 275 සඳහා පැවැත්වෙන මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව මිලියන 19ක්.
අපේක්ෂකයින් 3400කට වැඩි පිරිසක් මෙවර මහ මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටින අතර, ඔවුන්ගෙන් 1000කට වැඩි පිරිසක් වයස අවුරුදු 40ට අඩු අයවීම විශේෂත්වයක්.







