ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට කොංග්රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව යුද්ධ කිරීමේ බලය සීමා කිරීම සඳහා ඉදිරිපත් වූ ද්විපාර්ශ්වික යෝජනාවක් එරට සෙනෙට් මණ්ඩලයේදී පරාජයට පත්ව තිබෙනවා.
ඉරානයේ යුද ක්‍රියාමාර්ග පාලනය කිරීම සඳහා ගෙන ආ මෙම යෝජනාව ඡන්ද 53 – 47 ක් ලෙස ප්‍රතික්ෂේප වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මෙහි ප්‍රධාන අරමුණ වූයේ කොංග්රස් අනුමැතියකින් තොර ව ඉරානයට එරෙහිව සිදු කෙරෙන ඇමෙරිකානු හමුදා ප්‍රහාර වහාම නතර කිරීමයි.
සෙනෙට් මණ්ඩලයේදී පරාජය වූ මෙම යෝජනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී (House of Representatives) ඡන්ද විමසීමකට ගැනීමට නියමිත අතර, එහිදී ද රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
වියට්නාම් යුද්ධය සමයේ එවකට සිටි ජනාධිපති රිචඩ් නික්සන්ගේ යුද බලතල සීමා කිරීම සඳහා 1973 දී මෙම පනත සම්මත කරන ලද අතර, මේ හරහා හමුදා ක්‍රියාමාර්ගයක් ආරම්භ කර පැය 48 ක් ඇතුළත ජනාධිපතිවරයා ඒ පිළිබඳ කොංග්රස් මණ්ඩලය දැනුවත් කළ යුතු බවත්, ප්‍රහාර ආරම්භ වී දින 60 ක් ඇතුළත කොංග්රස් මණ්ඩලය විසින් හමුදා බලය භාවිතා කිරීම සඳහා විශේෂ අනුමැතියක් (AUMF) ලබා දිය යුතු බවත් දැක්වෙනවා.







