අද කාලගුණ නිවේදනය

ඌව සහ සබරගමුව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත්; මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකියි.