මතභේදයට තුඩුදුන් ගල්අඟුරු නැව් 9 පිළිබඳ PUCSL වාර්තාව භාරදෙයි

මතභේදාත්මක ගල්අඟුරු නැව් 9 පිළිබඳ මහජන උපයෝගීතා කොමිසමේ වාර්තාව යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවට භාරදී තිබේ.

එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව මඟින් අඩු ගුණාත්මක ගල්අඟුරු භාවිතයෙන් විදුලි බලය නිෂ්පාදනය කිරීම හේතුවෙන් සිදු වූ සැබෑ මූල්‍ය අලාභය ගණනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම වෙත උපදෙස් ලබා දී තිබුණි.