ගුවන් පාර්සල් ප්‍රමා­දයි

විවිධ රට­ව­ලට ගුවන් මඟින් භාණ්ඩ යැවීමේ කට­යුතු මැද­පෙ­ර­දිග කලා­පයේ පව­තින යුද­මය තත්ත්වය හේතු­වෙන් ප්‍රමාද විය හැකි බව අධි­කාරී (ජාත්‍ය­න්තර තැපැල්) සම­න්මලී පෙරේරා මහ­ත්මිය පැව­සු­වාය. පසු­ගිය සිකු­රාදා සහ සෙන­සු­රාදා භාර­ගත් භාණ්ඩ කිහි­ප­යක් මේ වන­වි­ටත් යැවී­මට හැකි­යා­වක් නොලැ­බුණු බව ද ඒ මහ­ත්මිය ‘දින­මිණ’ට පැව­සු­වාය.

ඉරා­නය, ඊශ්‍රා­ය­ලය සහ සෞදි අරා­බිය යන රට­වල් සඳහා භාණ්ඩ එවී­මෙන් වළ­කින ලෙස එම රට­ව­ල්ව­ලින් දන්වා ඇති බව පැවසූ ඇය, මීට අම­ත­රව දිගු ගමන් සේවා­ව­ව­ලදී සිදු­වන ප්‍රමා­ද­යන් නිසා අමෙ­රි­කාව සහ යුරෝ­පීය රට­ව­ලට ද භාණ්ඩ යැවී­මේදී යම් ප්‍රමා­ද­යක් සිදු­වන බව ද කියා සිටි­යාය.

විශේ­ෂ­යෙන්ම එම කලා­පය වෙත සිදු­ක­රන ගුවන් ගමන් විශාල සංඛ්‍යා­වක් අව­ලංගු වී ඇති බැවින් ජාත්‍ය­න්තර තැපැල් සේවා කට­යුතු ඍජු­වම බල­පෑ­මට ලක්ව ඇති බව සම­න්මලී පෙරේරා මහ­ත්මිය කීවාය.

ප්‍රමා­ද­වීම් පිළි­බඳ මහ­ජ­න­තාව දැනු­වත් කිරී­මට ද පිය­වර ගත් බව පැවසූ එම මහ­ත්මිය, ඒ ඒ රට­වල තැපැල් පරි­පා­ලන සමඟ අඛ­ණ්ඩව සම්බ­න්ධතා පවත්වා ගෙන යන බව පැව­සු­වාය. එබැ­වින්, මේ අව­ස්ථාවේ පව­තින තත්ත්වය පිළි­බඳ අව­බෝ­ධ­යෙන් කට­යුතු කර­මින් විදේ­ශ­යන් වෙත භාණ්ඩ යැවී­මට පිය­වර ගන්නා ලෙස මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලා සිටින බව එම මහ­ත්මිය කියා සිටි­යාය.

නුවන් කොඩි­කාර