යුද ගැටුම් නිසා අත්හිටවූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් පළමු මගී ගුවන් යානය ඩුබායි බලා ගමන් කරයි

මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කරමින්, පළමු ගුවන් යානය ඊයේ (03) සවස කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව, FitsAir ගුවන් සේවයට අයත් 8D 821 ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර, Air Arabia ගුවන් සේවයට අයත් G-9509 දරන ගුවන් යානය ද ඊයේ සවස 04.45 ට කටුනායක ගුවන් තොටුපොළෙන් සාජා නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.