පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබෙනවා.
අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වන අතර, පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා.
පෙ.ව. 10.00 – 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහාත්, පෙ.ව. 10.30 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත් වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඉන්පසු පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමට අදාළ විවාදය පැවැත්වීමට නියමිතයි.







