මැද පෙරදිග යුද ගැටුම් හේතුවෙන් මෙරට ඉන්ධන හිඟයක් ඇති වෙතැයි බියෙන් වාහන හිමියන් විසින් තම වාහන ද රැඟෙන පිරවුම්හල් ආශ්‍රිතව ඇති කර තිබූ දිගු පෝලීම් ඊයේ (03) උදෑසන වන විට සම්පූර්ණයෙන්ම අවසන් ව තිබිණි.
රජය දිගින් දිගටම ඉන්ධන හිඟයක් නැතැයි පැවසුවද පසුගිය දිනවල ප්‍රධාන නගර ඇතුළු ග්‍රාමීය පෙදෙස්වලද දිගු පෝලීම් පැවැති නිසා දැඩි තදබදයක් මෙන්ම කලබලකාරී වාතාවරණයක්ද මතුව තිබිණි. ඉන්ධනහල් පවත්වාගෙන යනු ලබන හිමිකරුවන් විසින් තම පිරවුම්හල්වල පෝලිම් නොමැති බවට ප්‍රකාශ කරන අතර, රථවාහන හිමියන් තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් පෝලිම්වල කාලය වැය නොකර පහසුවෙන් ලබාගැනීමට හැකි බව ප්‍රකාශ කරයි. රජය සහ අදාළ ඉන්ධන සමාගම් රට තුළ දැනට ඉන්ධන හිඟයක් පවතින බව ප්‍රතික්ෂේප කිරීමත්, ඉන්ධනහල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබීමත් සමඟ මෙලෙස ඉන්ධන පෝලිම් පහව ගොස් තිබේ. දිවයින පුරා පිරවුම්හල් අසල දක්නට ලැබුණු අතිශය දුෂ්කර සහ දීර්ඝ රථවාහන පෝලිම් මේ වන විට අවසන් වීමත්, ඉන්ධන ලබාගැනීමේ ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟ රට පුරා පැවැති නොසන්සුන්කාරී තත්ත්වය පහව ගොස් තිබේ.
රජය සහ ඉන්ධන සමාගම් විසින් පවතින සැපයුම පිළිබඳ කරන සහතික කිරීම් සහ ක්ෂේත්‍ර මට්ටමින් පෝලිම් දක්නට නොලැබීම යන සාධක මඟින් තහවුරු වන්නේ රටේ ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය දැන් සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි.
රක්ෂණ ශ්‍රියන්ත
ඡායාරූපය – ඌරුබොක්ක විශේෂ – ඒ.පී. දයාචන්ද







