ශ්‍රී ලංකාව තුළ සිටින විදෙස් සංචාරකයන්ගේ වීසා කාලසීමාව සති දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කෙරේ

දැනට වීසා කාලසීමාව අවසන් වීමට ආසන්න ශ්‍රී ලංකාව තුළ සිටින විදෙස් සංචාරකයන්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කිරීමකින් තොර ව සති දෙකකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව ඉදිරි තත්ත්වය සලකා තවදුරටත් සහන සැලසීමට බලාපොරොත්තු වන බවයි දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

රජය පවතින තත්ත්වය සමීප ව නිරීක්ෂණය කරමින් තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.