තේ අපනයනකරුවන්ට රජයෙන් දැනුම් දීමක්

මැදපෙරදිග උද්ගතව ඇති තත්ත්වය හමුවේ එම කලාපයට අපනයනය කරනු ලබන තේ ඇතුළු ද්‍රව්‍ය කොළඹ වරායට රැගෙන ඒමෙන් වළකින ලෙස රජය ඉල්ලීමක් කරනවා.

අද (02) කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මේ බව කියා සිටියා.

වරාය තුළ ඇතිවිය හැකි තදබදය අවම කිරීම මෙම තීරණයේ අරමුණ බවයි ඔහු සඳහන් කළේ.